
මේ post එකෙන් කියන්නෙ Facebook ගිණුමක් හදන හැටි ගැන. මේක ඉතින් ගොඩක් අය දන්න දෙයක්. මොකද හැමෝටම වගේ Facebook ගිණුම් තියෙනවනෙ. ඒත් මේ ගැන නොදන්න අයත් ඉන්නව. මේ post එක අන්න ඒ ගොල්ලන්ට.
1. මුලින්ම www.facebook.com එකට යන්න.
2. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ විස්තර පුරවන එක. ඔයාගෙ පළමු නම, දෙවන නම, Email ලිපිනය හෝ දුරකථන අංකය, උපන්දිනය, ලිංගිකත්වය කියන ඒව ටික අහල තියෙන තැන් වල පුරවන්න.
3. ඊට පස්සෙ යටින් කොළ පාටට තියෙන Sign up කියන එක ඔබන්න.
4. ඔයා ඔයාගෙ විස්තර හරියට පිරෙව්ව නම්, ඔයාගෙ Email එකට හරි දුරකථන අංකයට හරි verification එකක් Facebook එකෙන් එවනව. ඔයාට ඊළගට කරන්න තියෙන්නෙ ඒකෙන් ඔයාගෙ ගිණුම verify කරගන්න එක.
දැන් ඔයාගෙ Facebook ගිණුම හදල ඉවරයි.